Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට තව පැය 4යි : 2019 වසරට පාතැබූ ලොව අනෙක් රටවල් මෙන්න (PHOTOS / VIDEO)

දිනුක් හේවාවිතාරණ




2018 වසරේ අවසන් හෝරා කිහිපය ගත කරමින් සිටින ශ්‍රී ලංකා ප්‍රමුඛ ආසියානු රටවල් වලට පෙර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් කිහිපයකටම මේ වන විට 2019 නව වසර උදාවී අවසන්.

මේ අතර නව අවුරුදු උදාවත් සමග ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරදී  නව යුවලවල් සිය ගණනක් සඳහා නොමිලේ විවාහයන් සිදුකර දීමට එරට රජය කටයුතු යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඉකුත් දා සුනාමියෙන් විපතට පත්වූ බැන්ටෙන් ඇතුළු වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රාන්තයන් මෙවර නව වසර උදාවීම සැමරීමෙන් වැලකි සිටීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඒ සුනාමියෙන් මියගිය ජනතාවට ගෞරව කිරීමක් වශයෙන්.

බ්‍රිතාන්‍ය, රුසියාව, බර්ලින් නගරය, ප්‍රංශයේ පැරිස් අගනුවර, ඇතුළු යුරෝපයේ රටවල් රැසක් නව වසර උදාවීම සැමරීම සඳහා සංගීත සංදර්ශන සහ දර්ශනීය මල්වෙඩි සංදර්ශන සුදානම් කර ඇති අතර උත්සව සැමරීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා.

මේ එම රටවල් සිය නව අවුරුදු උදාව සැමරූ ආකාරයයි...