Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඬුවම නියම වූ රැඳවියන් 31රෑ පිරිත් කියයි (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




සියළු රැඳවියන්ට සහ ලක්වාසීන්ට සෙත්පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පිරිත් සජ්ජායන පිංකමක් ඊයේ (31) රාති‍්‍රයේ සිදු කළා.

ඒ, එම බන්ධනාගාරයේ මරණ දඩුවමට නියම වී සිටින හා ජිවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන් පිරිසක් විසින්.

ඉකුත් ඔක්තෝම්බර් 21 වන දින රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වූ  නැරඹුම් කුළුන මත සිට මෙම පිංකම සිදුකිරීම විශේෂත්වයක්. බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරුණා.