Saturday, April 20, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍ය සහ ජපානයට නව අවුරුදු උදාවේදී කලූ පැල්ලමක්

තරංග රුක්ෂාන් ජයසේකර




නව අවුරුදු උදා වූ අද (01) දිනයේ බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර දුම්රිය ස්ථානයක පිහි ඇණුමක් සිදුව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 03ක්. ඒ අතරට පොලිස් නිලධාරියෙකු ද අයත්. සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය ත‍්‍රස්ත ක‍්‍රියාවක් විය හැකි බවට පොලිසිය සැක පළ කරනවා.

මේ අතර ජපානයේ ටෝකියෝ නුවර පිහිටි වඩාත් ජනප‍්‍රිය මාර්ගයක දී වෑන් රථයක් පදිකයින් අතරට ධාවනය කළ සිද්ධියක් ද නව අවුරුදු උදාවත් සමග අද වාර්තා වුණා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 09 දෙනෙක්.