Friday, March 29, 2024

General line - 0115112241

බුදුපිළිමවලට හානි කිරීම ගැන සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය කතා කරයි



මාවනැල්ල ප‍්‍රදේශයේ විහාරස්ථානවල බුද්ධ ප‍්‍රතිමා වහන්සේට හානි කිරීමේ සිද්ධිය හෙළා දකින බව සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය පවසනවා.

එහි සාමාජිකයෙකු ද වන ඉස්ලාමීය දේශක හා මනෝ විද්‍යා උපදේශක මොහොමඞ් දහලන් මෙම අදහස් පළ කළේ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, මහනුවර අස්ගිරි විහාරවාසී පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්ද එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ  වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.