Friday, March 29, 2024

General line - 0115112241

මෛත්‍රී - මහින්ද - සජිත් සහභාගී වූ පිංකම (PHOTOS)




කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ (01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා. 

සෑම දෙසැම්බර් 31 වැනිදාවකම මධ්‍යම රාත්‍රියේ සිට ජනවාරි 01 වැනිදා දක්වා ගංගාරාම විහාරස්ථානයේ සාම්ප්‍රදායානුකූලව පැවැත්වෙන ආගමික වැඩසටහනට සමගාමීව සහ රෝගාතුරුව වැඩවෙසෙන උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙම ආශිර්වාද පූජාව සංවිධානය කර තිබුණා. 

ඊයේ පස්වරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර අනතුරුව ආශිර්වාද පූජාවට සහභාගී වුණා. 

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළා.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද පිංකමට එක්ව සිටියා.