Wednesday, April 24, 2024

General line - 0115112241

කාන්තාවන්ගේ කිලෝමීටර් 620ක් දිග මිනිස් දම්වැල (PHOTOS)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ කාන්තාවන් කිලෝමීටර් 620ක් දිග මිනිස් දම්වැලක් ලෙස පෙනී සිටිමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඒ, සම අයිතිය වෙනුවෙන්.

කේරළ ප‍්‍රාන්තයේ මාර්ගය ආසන්නයේ රැදී සිටිමින් මෙම කාන්තාවන් සිය විරෝධය පළ කළා.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ කේරළ ප‍්‍රාන්තයේ පිහිටි සබරිමලෙයි නම් කෝවිල වන්දනාමනා කිරීමට වයස අවුරුදු 10ත් 50ත් අතර කාන්තාවන්ට අවසර හිමි නොවීමයි.

කෙසේවෙතත් ඉකුත් සැප්තැම්බර් මාසයේ මෙම කෝවිල වන්දනා කිරීමට අධිකරණයෙන් ඉන්දීය කාන්තාවන්ට අවසර හිමි වුණා. එහෙත් කෝවිල වන්දනාමාන කර ගැනීමට පැමිණෙන කාන්තාවන්ට තවදුරටත් පහරදීම් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.