Wednesday, April 24, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නම් කරයි

සමන්ත කුමාර




ඕස්ටේ‍්‍රලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නම් කර තිබෙනවා.

15 දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ නිපුන් ධනංජයයි. 

මේ අතර ශ‍්‍රී ලංකා ‘‘ ඒ’’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘‘ ඒ’’ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින තරගයේ අවසන් දිනය අදයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 159ක් රැස් කළා. සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කිසිවෙකු නොදැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 133ක්.