Thursday, April 25, 2024

General line - 0115112241

කාසියේ වාසිය නවසීලන්තයට : අසේල සහ සික්කුගේ කණ්ඩායමට කැඳවයි

දිනුක් හේවාවිතාරණ




ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් විය. තරගය පැවැත්වෙන්නේ බේ ඕවල් ක්‍රීඩාංගනයේ යි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංග මෙහෙයවනු ලබනවා. කාසියේ වාසියෙන් පසුව අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා සිටියේ තණ තීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක බවක් දක්නට ලැබෙන බැවින් මුලින්ම පන්දු යැවීමට අවස්ථාව හිමිවීම ගැන සතුටු වන බවයි. එමෙන්ම නවසීලන්තයේ ක්‍රීඩාංගනයන් සහ දේශගුණය එංගලන්තයේ තත්ත්වයට බෙහෙවින් සමාන වන බවින් එයට හුරුවීම මෙය වඩාත් යෝග්‍ය බව කියා සිටියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම :

නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අසේල ගුණරතන, සික්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග (නායක), නුවන් ප්‍රදීප්.