Thursday, April 25, 2024

General line - 0115112241

නවසීලන්ත පිතිකරුවන්ගෙන් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක්

දිනුක් හේවාවිතාරණ




ශ්‍රි ලංකාව සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහර දෙමින් සිටින නවසීලන්තය පන්දුවාර 30ක් අවසානයේදි එක් කඩුල්ලක් දැවි ලකුණු 182ක් ලබා ගෙන සිටිනවා.

නවසීලන්ත ආරම්භක පිතිකරුවන කෝලින් මුන්රෝ ලකුණු 13 කදී දවා ගැනීමට ලසිත් මාලිංග සමත් වුනා. ඒ වන විට නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය රැස් කර සිටි ලකුණු සංඛ්‍යාව 23ක්.

නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල් මේ වන විට පන්දු 90 කදී නොදැවි ලකුණු 85ක් රැස් කර ගෙන සිටින අතර නායක කේන් විලියම්සන් ලකුණු 63ක් රැස් කර ගෙන සිටිනවා. 

ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල සඳහා එක් කළ සම්බන්ධතාවය ලකුණු 150ක්. 

මෙම තරගයේදී මාටින් ගප්ටිල් සිය එක්දින තරග දිවියේ ලකුණු 6000 සීමාව පසුකර යාමට සමත් වුනා.