Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ලොකු ඉලක්කයක්

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු එක්දින කි‍්‍රකට් තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 7 ක් දැවී ලකුණු 371 ක් රැස්කළා.

මාටින් ගප්ටීල් ලකුණු 138 යි. කේන් විලියම්සන් ලකුණු 76 ක් රැස් කළ අතර රොස්ටේලර් ලකුණු 54 ක් රැස් කළා.

තරගයේ කාගේත් අවධානයක් දිනාගත් ඉනිම කී‍්‍රඩා කළ ජේම්ස් නීසන් පන්දු 13 කදී ලකුණු 47 ක් රැස් කළා. ඊට හයේ පහර 6 ක් ඇතුළත්. ඉනිමේ 49 වන පන්දුවාර යැවූ තිසර පෙරේරාට එරෙහිව ලකුණු 34 ක් රැස් කිරීමටද ඔහු සමත් වුණා. මෙම පන්දුවාරයේදී ජේම්ස් නීසන් හයේ පහර 5 ක් එල්ල කිරීමද විශේෂත්වයක්.