Wednesday, April 24, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් නවසීලන්තය ජය ගනියි

සමන්ත කුමාර




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක‍්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

නවසීලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 372ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිල පන්දුවාර 49කදී සියලූ දෙනා දැවී රැස් කළේ ලකුණු 326ක් පමණයි.

කුසල් ජනිත් පෙරේරා පන්දු 86ක දී ලකුණු 102ක් රැස් කළා. එය ඔහුගේ එක්දින ක‍්‍රිකට් දිවියේ 04 වන ශතකයයි. නිරෝෂන් දික්වැල්ල පන්දු 50ක දී ලකුණු 76යි. පන්දු යැවීමේ දී ජේසන් නේෂාම් ලකුණු 38කට කඩුලූ 03ක් දවා ගත්තා.