Thursday, April 25, 2024

General line - 0115112241

වසර 10කට පසු කොළඹ කොටස් වෙළඳපොල වාර්තාගත පසු බැසීමක

සමන්ත කුමාර




කොළඹ කොටස් වෙළඳපලේ දෛනික පිරිවැටුම අද (04) දිනය අවසානයේදි රුපියල් මිලියන 68.77ක් ලෙස වාර්තා වුණා. මෙය පසුගිය වසර 10ක පමණ කාලය තුළ කොළඹ කොටස් වෙළඳපොලෙන් වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම ලෙසයි සැලකෙන්නේ.

කොළඹ කොටස් වෙළඳපොල වාර්තාවලට අනුව 2009 වසරේ අපේ‍්‍රල් 28 වනදා වාර්තා වී ඇති දෛනික පිරිවැටුම රුපියල් මිලියන 64.3ක්. ඉන්පසු වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද වාර්තා වූ රුපියල් මිලියන 68.77ක අගය වන බවයි කොටස් වෙළඳපලේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.