Saturday, April 20, 2024

General line - 0115112241

චීනයේ සංචාරය කරනු ලබන සිය පුරවැසියන්ට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




චීනයේ සංචාරය කරන සිය රට වැසියන් හට අමෙරිකාව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ, චීනයේ සංචාරය කරන අමෙරිකානුවන් චීනයෙන් පිටව යාමේදී එය වැලැක්වීමේ අවදානමක් ඇති බවයි. ඒ අනුව චීනයේ සංචාරය කරන්නේ නම් ඒ පිළිබඳ දැනුවත්භාවයකින් හා අවධානයකින් පසුවන ලෙස ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. 

අමෙරිකානු - චීන ද්විත්වපුරවැසිභාවය ඇති පුද්ගලයින් චීනයේදී රටින් පිටවීම වැලැක්වීමේ නියෝගයන්ට ලක්වීමේ වැඩි අවධානමක් පවතින බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

අමෙරිකාවේ ඉල්ලීම මත චීනයේ සුප‍්‍රකට දුරකතන සමාගමක ඉහළ පෙළේ නිලධාරිනියක් කැනඩාව විසින් රඳවා ගැනීම හමුවේ චීනය, කැනඩාව හා අමෙරිකාව අතර මෙම අර්බුධය උද්ගත වුණා. ඒ අනුව චීනය අමෙරිකානුවන් තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කර ඇති අතර කැනේඩියානුවන් 13දෙනෙකුද රඳවා ගෙන සිට පසුව 08දෙනෙකු මුදා හැරියා.