Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ක්‍රිකට් කානිවල් සය සාමාජික ක්‍රිකට් තරගාවලිය හෙට ඔස්ට්‍රේලියාවේදී

සමන්ත කුමාර




කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ටේ‍්‍රලියානු ශාඛාව සංවිධාන කරන " ශ‍්‍රී ලන්කන් කි‍්‍රකට් කානිවල්" සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය හෙට (06) ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හිදී පැවැත්වෙනවා. 

දැනට ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන මෙරට පාසල් වල කි‍්‍රකට් කී‍්‍රඩා කළ ආදි සිසුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 32ක් එම තරගාවලියට එක්වනවා. මෙම තරගාවලිය යටතේ කී‍්‍රඩාංගන 03කදී තරග 31ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.  

දුලිප් ලියනගේ, සුරාජ් රන්දිව්, කෞශල්‍ය ලොකුආරච්චි, චින්තක ජයසිංහ වැනි ශ‍්‍රි ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයන් ද එම තරගාවලියට එක්වීම විශේෂත්වයක්.