Friday, April 19, 2024

General line - 0115112241

බීමතින් වනඅලියෙකු මෙල්ල කිරීමට ගිය පුද්ගලයෙකු මරුට (VIDEO)

සජිත් තිලකරත්න




මන්ත‍්‍ර බලයෙන් වනඅලියෙකු මෙල්ල කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම වනඅලියාගේ ප‍්‍රහාරයට ලක්ව මියයාමේ පුවතක් වෙහෙරගල ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම පුද්ගලයා බීමතින් සිට ඇති අතර ඔහුට වනඅලියා පහර දෙන වීඩියෝවක්ද මේ වනවිට සමාජජාල ඔස්සේ සැරිසරමින් පවතිනවා.

එක්වරම මෝටර් රථයෙන් බැස වෙහෙරගල, යාය 03 කලාපයේ වනඅලියෙකු සිටින ස්ථානයක් වෙත මෙම පුද්ගලයා ගොස් තිබෙනවා. ඔහු අලි මන්තරයෙන් එම වනඅලියා මෙල්ල කිරීමට උත්සාහ දරනවාත් සමග මෙම පුද්ගලයා වනඅලියාගේ ප‍්‍රහාරයට ලක්වන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි කතරගම, වල්ලිමාතාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.