Wednesday, April 24, 2024

General line - 0115112241

චීනයේ ජනගහනය වාර්ථාගත ලෙස ඉහලට

තරංග රුක්ෂාන් ජයසේකර




චීනයේ ජනගහණය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ අනුව තවත් වසර 10 කින් චීනයේ ජනගහණය උපරිම අගයකට පත්වනු ඇති බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

2029 වනවිට චීනයේ ජනගහණය බිලියන 1.44 ක් දක්වා වැඩිවනු ඇති බව එම වාර්තාවල සදහන්. ඒ වනවිට වයස අවුරුදු 15 ත් 64 ත් යන වයස් කාණ්ඩයේ පසුවන පිරිස වැඩිවනු ඇති බවද නවතම වාර්තා අනාවැකි පළ කර තිබෙනවා. චීනය මීට පෙර කි‍්‍රයාත්මක කළ එක්දරු ප‍්‍රතිපත්තිය ඉකුත් 2015දී ලිහිල් කළා.