Thursday, April 25, 2024

General line - 0115112241

බ‍්‍රසීලයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළට

තරංග රුක්ෂාන් ජයසේකර




බ‍්‍රසීලයේ ෆෝටලෙසා නගරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වය සලකා නගරයේ සාමය ආරක්ෂා කිරීමට අතිරේක හමුදා බලඇණි යෙදවීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇතිවූයේ එරට බන්ධනාගාර ආශ‍්‍රිතව සිදුවන නීති විරෝධි කි‍්‍රයා මර්දනය සඳහා ගෙන ආ නව නීතිවලට විරෝධය පළ කිරීමත් සමගයි. බන්ධනාගාරවලින් පිටත සිටින පිරිස් නගරයේ ප‍්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති අතර ඔවුන් කඩ සාප්පු, බැංකු සහ බස්රථවලට පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.