Saturday, April 20, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ අනාගත වමත් දගපන්දු බලාපොරොත්තුව වැඩ අරඹයි

තරංග රුක්ෂාන් ජයසේකර




ශ‍්‍රී ලංකාවේ අනාගත වමත් දගපන්දු බලාපොරොත්තුවක් වන මලින්ද පුෂ්පකුමාර නව කි‍්‍රකට් වාර්තාවක් බිහිකර තිබෙනවා.

ඒ, මෙරට පළමු පෙළ තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කරමින්.

ccc කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙම දස්කම දැක්වූයේ අන්තර සමාජ කි‍්‍රකට් තරගාවලියේ සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීයි.

එහිදී ඔහු තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 37කට කඩුළු 10ක් බිඳ හෙලමින් මෙම නව වාර්තාව බිහි කළා. මලින්ද පුෂ්පකුමාර මෙලෙස බිඳ හෙලූවේ 1991දී ප‍්‍රමෝදය වික‍්‍රමසිංහ ලකුණු 41කට කඩුළු 10ක් බිඳ හෙලමින් තබා තිබූ වාර්තාවයි. 

මලින්ද පුෂ්පකුමාර එක් ඉනිමක සියලූ කඩුළු බිඳ හෙලමින් දැක්වූ මෙම දක්ෂතාව, ලොව පළමු පෙළ කි‍්‍රකට් තරගයක වාර්තා වූ හොඳම 13 වන පන්දු යැවීම ලෙස ද සටහන් වුණා. මේ අතර මෙම තරගයේ පළමු ඉනිමේදී ccc කණ්ඩායමට එරෙහිව වමත් දගපන්දු යවන කී‍්‍රඩක චාමිකර එදිරිසිංහ ලකුණු 87කට කඩුළු 09ක් බිඳ හෙලීම ද විශේෂත්වයක්.