Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවට යළිත් වරක් භූ කම්පනයක බලපෑම්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවට යළිත් වරක් භූ කම්පනයක බලපෑම් එල්ල වී තිබෙනවා.

එහි ප‍්‍රබලත්වය සටහන් වන්නේ රිච්ටර් මාපාංක ඒකක 6.6ක් ලෙසයි. 

අද (07) අලූයම ඉන්දුනීසියාවට අයත් මොලූක්කස් දිවයිනේ කිලෝමීටර් 60.5ක් පමණ වන ගැඹුරු භූ පතුලේ මෙම කම්පන තත්ත්වය හටගෙන ඇති බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

පළමු කම්පනයෙන් අනතුරුව රිච්ටර් මාපාංක ඒකක 5.0ක් සහ 5.1ක ප‍්‍රභලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයන් දෙකක්ද මොලූක්කස් දිවයින ආශි‍්‍රතව හට ගත්තා. 

කෙසේවෙතත් මෙම භූ කම්පනයන් හමුවේ සුනාමි අවදානමක් මතුව නැහැ. සිදුවූ ජීවිත හෝ දේපළ හානියක් ද මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.