Saturday, April 20, 2024

General line - 0115112241

විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායමෙන් නව ක්‍රිකට් වාර්තාවක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




විරාත් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහිකළා.

ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්.

දෙරට අතර පැවැති තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි.

මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට පිට පිට දෙවන වරටත්, සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට සිදුවුණා. සිය රටේදී ඔවුන්ට එවැනි ඉරණමක් අත්වුණේ වසර 31කට පසුව වීමද විශේෂත්වයක්.

මේ අතර මෙම තරගාවලිය ජය ගැනීමත් සමග ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් 05වන කණ්ඩායම ලෙස ද ඉන්දියාව අද ඉතිහාසයට එක්වුණා.