Wednesday, April 24, 2024

General line - 0115112241

"ශ්‍රී ලන්කන් ක්‍රිකට් කානිවල්" ජය ජෝසප් වාස් විදුහලට (PHOTOS)

සමන්ත කුමාර




ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් හිදී පැවති කළුතර විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ඔස්ටේ‍්‍රලියානු ශාඛාව සංවිධාන කරන ලද " ශ‍්‍රී ලන්කන් කි‍්‍රකට් කානිවල්" සය සාමාජික කි‍්‍රකට් තරගාවලිය ජය ගැනීමට ජෝසප් වාස් විදුහලේ ආදී සිසුන්ගේ කණ්ඩායම ඊයේ (06) සමත් වුනා. 

ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන මෙරට පාසල් වල කි‍්‍රකට් කී‍්‍රඩා කළ ආදි සිසුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 32ක් මෙම තරගාවලියට එක්වුවා. මෙම තරගාවලිය යටතේ තරග 31ක් කී‍්‍රඩාංගන 03කදී පවත්වනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලන්කන් ක්‍රිකට් කානිවල් කුසලානය ජය ගැනීමට ජෝසප් වාස් විදුහල සමත් වුනා. අවසන් තරගය පැවතියේ ජෝසප් වාස් විදුහල සහ මොරටුව වේල්ස් කුමරු විදුහල අතරයි. එහිදී මුලින් පන්දුවට පහරදුන් ජෝසප් වාස් විදුහල සිය නියමිත පන්දු ඕවර 05 තුලදී කඩුලු 3ක් දැවී ලකුණු 98ක් රැස්කරනු ලැබුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරනු ලැබූ මොරටුව වේල්ස් කුමරු විදුහලට පන්දුවාර 05ක් අවසානයේ ලබා ගැනීමට හැකිවුයේ කඩුලු 3ක් දැවී ලකුණු 78ක් පමණි. ඒ අනුව ජෝසප් වාස් විදුහල අවසන් තරගය ලකුණු 19කින් ජය ගනිමින් ශ්‍රී ලන්කන් ක්‍රිකට් කානිවල් කුසලානය ජය ගැනීමට සමත් විය.

(ජායාරූප : ඕස්ට්‍රේලියාවේ සිට වර්නන් තිසේරා)