Friday, April 26, 2024

General line - 0115112241

අසාර්ථක ක්‍රීඩකයින් තිදෙනෙක් කණ්ඩායමෙන් එළියට දමමින් අවසන් එක්දින තරගය ඇරඹේ

දිනුක් හේවාවිතාරණ




නවසීලන්තයට සමග නෙල්ස්න්හි දී පැවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසිය වාසිය ජයගත් ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා. මෙම එක්දින තරගය නවසීලන්තයේ නෙල්සන් හිදී පැවැත්වෙනවා.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 2-0ක් වශයෙන් ජය ගැනීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.

අද (08) තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 03ක් සිදුකර තිබෙනවා. ඒ පළමු තරග දෙකේදී දුර්වල ක්‍රීඩා වීලාශයක් පෙන්නුම් කරනු ලැබූ දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ සික්කුගේ ප්‍රසන්න වෙනුවට ධනංජය සිල්වා, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර අද තරගය සඳහා කැඳවා තිබෙනවා.

නවසීලන්තය මේ වන විට පන්දු ඕවර 29ක් අවසානයේදී කඩුලු 03ක් දැවී ලකුණු 158ක් රැස් කර ගෙන සිටිනවා. ලසිත් මාලිංග විසින් නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන් යුගලය ලකුණු 31ක් තුලදී දවා ගැනීමට සමත් වුවා.

නායක කේන් විලියම්සන් (55) සහ රෝස ටේලර් (නොදැවී 67) එක්ව නවසීලන්ත පිලේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 116 ක සම්බන්ධතාවයක් පවත්වනු ලැබුවා. තරගයේ 26 වන ඕවරයේදී ක්‍රියාත්මක වූ ලක්ෂාන් සඳකැන් නායක කේන් විලියම්සන් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.