Friday, April 19, 2024

General line - 0115112241

ගුරුවරුන් ද අසරණ වී ඇතැයි ගුරු සංගම් කියයි



අධ්‍යාපනයේ ඇති වී තිබෙන තරගකාරීත්වය නිසා ගුරුවරුන් ද අසරණ වී ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසනවා.

දරුවන්ගේ ආකල්ප සහ කුසලතා සංවර්ධනයට ප‍්‍රමාණවත් අවධානයක් දීමටද මේ නිසා ගුරුවරුන්ට නොහැකි වී තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඊයේ (07) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා. 

පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්‍ෂ, මහාචාර්ය අජන්ත ධර්මසිරි ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පැවසුවේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රමවේදවල කැපී පෙනෙන වෙනසක් සිදු විය යුතු බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.