Friday, April 19, 2024

General line - 0115112241

බුර්කාව ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය කියයි




බුර්කාව මෙන්ම ඉස්ලාම් බැංකු ක‍්‍රමයද ඉස්ලාමීය ඉගැන්වීම්වලට පටහැනි බව සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය ප‍්‍රකාශ කළා. ඒ, ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

ඊට එක් වූයේ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්. 

දැඩි කතාබහක් ඇති කළ හලාල් ආහාර සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

මෙම වැඩසටහනට එක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්තද හලාල් ක‍්‍රමය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට අද (09) සහභාගි වන්නේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්. වැඩසටහන රාතී‍්‍ර 7.30 සිට ප‍්‍රචාරය කෙරෙනවා.  

ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ  වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.