Friday, April 19, 2024

General line - 0115112241

'නෙත්' වෙත එකතු වූ පාසල් උපකරණ උතුරේ විපතට පත් පවුල්වල අත්‍යාවශ්‍ය දරුවන් සඳහා ලබාදෙන බව යුධ හමුදාව සහතික වෙයි (UPDATE)




නෙත් නිවුස් සහ යු ආර් අ ලීඩර් බලකායේ මෙහෙයවීමෙන් ලබාදුන් පාසල් උපකරණ ආපදා හේතුවෙන් විපතට පත් පවුල්වල සිටින අත්‍යවශ්‍යම දරුවන් සඳහා පමණක් ලබාදීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් මහේෂ් සේනානායක පවසනවා.

එම පාසල් උපකරණ යුද හමුදාව වෙත ඊයේ (09) භාරදුන් අවස්ථාවේ යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට නෙත් එෆ්.එම් වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත දහනායක, නෙත් නිවුස් කළමණාකාර හේමන්ත කහවලගේ, ප්‍රවෘත්ති කළමනාකරු (සංවර්ධන) ඩිල්ෂාන් මඩවල, සහකාර කළමනාකරු (ප්‍රවෘත්ති) සමන්ත කුමාර ඇතුළු පිරිසක් එකතු වී සිටියා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, දොඩංගොඩ මහා විද්‍යාලය යන පාසල්වල දරු දැරියන් පාසල් උපකරණ ලබාදෙමින් මෙම වැඩසටහන සඳහා සකී‍්‍රයව සිය දායකත්වය ලබාදුන්නා.

එමෙන්ම තවත් පාසල් මෙන්ම පෞද්ගලික ආයතන සහ ජනතාවද උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය යළි නගාසිටුවීමේ මෙම සමාජ සත්කාරයට උපරිමයෙන් සිය දායකත්වය ලබාදීමටයි කටයුතු කළේ.

 

-----------------------------

'නෙත්' වෙත එකතු වූ පාසල් උපකරණ අද උතුරේ දරුවන්ට බෙදයි

(09-01-2019 08:02)

 

උතුරේ ගංවතුරෙන් පීඩාවට පත් පාසල් දරුදැරියන් වෙනුවෙන් දකුණේ පාසල් දැරුදැරියන්ගේද සහභාගීත්වයෙන් නෙත් නිවුස් එක්රැස් කළ පාසල් උපකරණ බෙදාදීම අද (09) සිදු කෙරෙනවා.

මෙම කටයුතු සිදු කෙරෙන්නේ ශී‍්‍ර ලංකා යුද හමුදාව හරහායි.

මෙහිදී පාසල් පොත්, බෑග් ඇතුළු සෙසු පාසල් උපකරණ ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. 

හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය, රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය, අකුරැස්ස මහා විද්‍යාලය, දොඩන්ගොඩ මහා විද්‍යාලය යන පාසල්වල දරු දැරියන් පාසල් උපකරණ ලබාදෙමින් මේ සඳහා සකී‍්‍රයව සිය දායකත්වය ලබාදුන්නා.

එමෙන්ම තවත් පාසල්, පෞද්ගලික ආයතන සහ ජනතාවද උතුරේ දරුවන්ගේ අධ්‍යාපනය යළි නගාසිටුවීමේ මෙම සමාජ සත්කාරයට උපරිමයෙන් සිය දායකත්වය ලබාදීමටයි කටයුතු කළේ.