Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලවලට සැක කටයුතු පාර්සල්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාවේ පිහිටි විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල් ලැබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබී ඇත්තේ කැන්බරා සහ මෙල්බර්න්හි පිහිටි තානාපති කාර්යාලවලටයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, අමෙරිකානු සහ පාකිස්තාන යන රටවල තානාපති කාර්යාලවලට මෙම පාර්සල් ලැබී ඇති බවයි.

ඒ පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමග ඉන්දියාව, දකුණු කොරියාව, නවසීලන්තය, ගී‍්‍රසිය සහ ඉතාලිය යන රටවල රාජතාන්ති‍්‍රක කාර්යාලවලටද එරට ආරක්‍ෂක අංශ විශේෂ ආරක්‍ෂාවක් ලබාදී තිබෙනවා.

මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබීමේ සිද්ධීන් රැසක්ම මේ වනවිට වාර්තා වී ඇති බව ඕස්ටේ‍්‍රලියානු පොලීසිය පැවසුවද ඒවායේ තිබූ ද්‍රව්‍ය පිළිබද මෙතෙක් කිසිදු අනාවරණයක් සිදුකර නැහැ.