Tuesday, March 19, 2024

General line - 0115112241

ඩිජිටල් අළෙවිකරණය වෙනුවෙන් සම්මාන උළෙලක්

මහේෂ් චතුරංග




ස්ලිම් ඩිජි අවෝඞ්ස් 2018 නමින් ඩිජිටල් අළෙවිකරණ සම්මාන උළෙලක් පැවැත්වීමට ශී‍්‍ර ලංකා අළෙවිකරණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ පිළිබද කරුණු දැක්වූ එම ආයතනයේ සභාපති ප‍්‍රදීප් එඞ්වඞ් පෙන්වා දෙන්නේ ඩිජිටල් අළෙවිකරණය සඳහා ලංකාවේ ප්‍රථමවරට පැවැත්වෙන සම්මාන උළෙල මෙය බවයි. මාර්තු මාසයේදී මෙය පැවැත්වෙන බවත් මෙම අංශයේ ඇති වැදගත්කම හේතුවෙන් ඊට වැඩි අවධානයක් ලබාදීමේ අරමුණින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන බවද පැවසුවා. මේ සඳහා සම්බන්ධ වෙන්නැයි මෙම විෂය ආදළ සියලු ආයතනවලට විවෘත ආරාධනාවක් කරන බවද පෙන්වා දුන්නා.