Thursday, April 25, 2024

General line - 0115112241

රථ වාහන සඳහා නව බද්දක්

හේමන්ත කහවලගේ/හර්ෂිකා සංජීවනි




විද්‍යුත් මෝටර් රථ හැර සෙසු සියලූ රථ වාහන සදහා කාබන් බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා.

මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළේ 2017 මුදල් පනතින් යෝජිත එම බද්ද මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ක‍්‍රියාත්මක බවයි.

නිෂ්පාදිත වර්ෂය අවුරුදු පහට අඩු සෑම වාහනයකින්ම ඝණ මීටරයකට ශත 25ක බද්දක් සහ අවුරුදු පහත් - දහයත් අතර වාහනවලින් ඝණ මීටරයකට ශත 50ක බද්දක් මේ යටතේ අය කෙරන බවයි ඔහු කියා සිටියේ. වාහන හිමියන් විසින් ආදායම් බලපත‍්‍ර ලබාගන්නා අවස්ථාවේදී මෙම කාබන් බද්ද ගෙවිය යුතු බවද මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප‍්‍රකාශ කළා. 

මේ අතර මෙම වසරේදී ආදායම් බලපත‍්‍ර ලබා ගැනීමේදී මෙම කාබන් බද්ද ගෙවීම අනිවාර්ය නොවන අතර ලබන වසරේ සිට ආදයම් බලපත‍්‍රය ලබා ගැනීමේදීම එය ගෙවීම අනිවාර්ය වන බවයි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.