Friday, March 29, 2024

General line - 0115112241

වොක්ස්වැගන් කර්මාන්තශාලාවට වෙච්ච දේ එජාපය හෙළිකරයි




රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා අවම කර ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

කුලියාපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

"දැන් ෆැක්ට්‍රි එක ජර්මනියේ හදලා ඉවරයි.. නැවේ ගෙනල්ලා හයි කරන්න විතරයි තියෙන්නේ. පසුගිය කාලයේ කුලියාපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්තශාලාවට වෙන් කෙරුණු ඉඩම මැද පොඩි කුඹුරක් තියෙනවා කියලා ගොවිජන සේවා එකෙන් සෑහෙන්න බාධා කළා. ඒක පෙන්න පෙන්න අනුමැතිය දෙන්නේ නැතුව හිටියා. "

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ්  සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.