Tuesday, April 23, 2024

General line - 0115112241

හොර අත්සන් සිද්ධියේ පරීක්ෂණ සඳහා පෙනී නොසිටි කබඩි ලේකම්ට පුටුව අහිමි වෙයි

කසුන් කැළුම්




කබඩි සම්මේලනයේ ලේකම් එස්. එස්. මීගස්තැන්න එම ධුරයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. 

ඒ, විදෙස් තරගාවලියක් සඳහා ක‍්‍රීඩකයින් කණ්ඩායමක් ව්‍යාජ අත්සන් යොදා සහභාගී කරවීම සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයට පෙනී නොසිටීම හේතුවෙන්. 

කබඩි සම්මේලනයේ ඊයේ (09) පැවති මහ සභා රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි එම සම්මේලනයේ සභාපති අනුර පතිරණ නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

ඊයේ පැවති මහ සභා රැස්වීමේ දී හිටපු ලේකම්වරයාට තවත් චෝදනාවක් එල්ල වූ බවයි කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ සඳහන් කළේ. 

හිටපු ලේකම් එස්. එස්. මීගස්තැන්න එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ අද (10) දිනයේදී ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව දැනුවත් කරන බවයි මෙහිදී වැඩ් දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.