Friday, April 26, 2024

General line - 0115112241

විදේශිකයින් උස්සන්ගොඩ කඳවුරු බඳී (PHOTOS) 

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




උස්සන්ගොඩ සංචාරක කඳවුර ඊයේ (09) සවස ආරම්භ වුණා. ඒ විදේශිකයින් 3000කගේ සහභාගීත්වයෙන්. 
රටවල් 70 ක් නියෝජනය කරමින් මේ සඳහා විදේශිකයින් එක් වී සිටි අතර එය මෙවර පැවැත්වුණේ හත්වන වරටයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ පුර්ණ අධීක්ෂණය යටතේ  රජයේ සියලු අංශයන්ගේ සහයෝගයෙන්  පරිසර හිතකාමී කෙටිකාලින සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ලෙසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන තුලින් ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් අත්වනවා.

දේශීය සංස්කෘතික  නර්තන, විදේශීය පොප් සංගීත කණ්ඩායම් රැසක්ද සහභාගී වන මෙම වැඩසටහන එළඹෙන 15 වැනිදා තෙක් ක්‍රියාත්මකයි.