Thursday, April 25, 2024

General line - 0115112241

අයවැය සම්මත නොවීමෙන් අමෙරිකාවේ අර්බුධ උග‍්‍රවෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු රජයේ මෙම වසරේ අයවැය සම්මත කර ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එරට ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් අතර අද පැවැති සාකච්ඡාවත් එකගතාවයකින් තොරව අවසන් වුණා.

අසාර්ථක සාකච්ඡාවටයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් පැවසුවේ මෙවන් සාකච්ඡා සඳහා සහභාගී වීම සිය කාලය කා දැමීමක් බවයි.

කෙසේවෙතත් මෙම අයවැය අර්බුදය හේතුවෙන් අමෙරිකානු රජයේ කටයුතු අද 19වන දිනටත් අකර්මන්‍ය වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව එරට රාජ්‍ය සේවකයින් ලක්ෂ 8කට පමණ වැටුප් ගෙවීම ද මේවනවිට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. 

මෙම අර්බුධය උද්ගත වූයේ අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව හරහා ඉදිකිරීමට යෝජිත තාප්පය වෙනුවෙන් මෙවර අයවැය හරහා මුදල් වෙන් කිරීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් යෝජනා ඉදිරිපත් කිරීමත් සමගයි.

ඒ සඳහා අමෙරිකානු කොංග‍්‍රසය නියෝජනය කරන ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින් දැඩි විරෝධය පළ කරනවා.