Friday, April 26, 2024

General line - 0115112241

තවත් කුඩු වැටලීමක් - හෙරොයින් ග්‍රෑම් 205ක් සමග ජාවාරම්කරුවෙක් පොලිස් දැලේ




හෙරොයින් ග‍්‍රෑම් 205කට අධික ප‍්‍රමාණයක් ලග තබා ගෙන සිටි පුද්ගලයෙකු ගල්කිස්ස සට්ටිගල මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41හැවිරිදි රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.