Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට යෝජනාවක්.




මැතිවරණ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බැවින් එය පෞද්ගලික මන්තී‍්‍ර  යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානය දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. මෙම කෙටුම්පත සකස් කළේ එම නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ පැෆරල් සංවිධානය එක්වයි. 

මේ ඒ පිළිබද අදහස් දක්වන මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක.

 


මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ සහාය අපේක්ෂා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.