Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නවසීලන්තයෙන් දැවැන්ත ප්‍රහාරයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය  ඕක්ලන්ඞ්හිදී දැන් පැවැත්වෙනවා. 

තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම එහිදී පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරුවන් යුගළට සාර්ථකවීමට ශ‍්‍රි ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. පළමු පන්දුවාරයේදීම මාර්ටින් ගප්ටිල් යළි කී‍්‍රඩාගාරයට හරවා යැවීමට නායක ලසිත් මාලිංග සමත්වුණා. නවසීලන්ත ඉනිමේ මුල් කඩුළු 04 බිඳ වැටුනේ ලකුණු 27ක් තුළයි. 

කෙසේ වෙතත් සිය පන්දුවාර විස්ස අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලූ 07ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ බ්‍රාස්වෙල් පන්දු 26කදී ලකුණු 44ක් ලබා ගත්තා.