Friday, March 29, 2024

General line - 0115112241

හිස්බුල්ලාට විරෝධය පා නැගෙනහිර හර්තාල්




නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර එම් ඒ එල් එම් හිස්බුල්ලාට විරෝධය පළ කරමින් මඩකලපුව ප‍්‍රදේශයේ අද පෙරවරුවේ හර්තාල් ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කෙරුණා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මඩකලපුව ප‍්‍රදේශයේ කඩ සාප්පු රැුසක් ද වසා දමමින් මෙම විරෝධතාව පැවැති බවයි. එහෙත් ආණ්ඩුකාරවරයාට පක්ෂ ප‍්‍රදේශවල කඩසාප්පු සහ පාසල් සාමාන්‍ය පරිදි විවෘතව තැබුණා. 

හර්තාල් ව්‍යාපාරය කි‍්‍රයාත්මක ප‍්‍රදේශවල ජනතාව පවසන්නේ එම් ඒ එල් එම් හිස්බුල්ලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරධූරයෙන් ඉවත් කළ යුතු බවයි.