Tuesday, April 23, 2024

General line - 0115112241

අධ්‍යාපන අමාත්‍යාංශය මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප‍්‍රකාශයට පත් කරයි




ජනවාරි මස 21වනදා සිට 25වනදා දක්වා පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

‘‘මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගෙන් ඉගෙන ගනිමු’’ යන තේමාව යටතේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධව පාසල් දරුවන්, මවුපියන් ඇතුළු පාසල් ප‍්‍රජාවගේ දැනුම දියුණු කිරීම ඉලක්ක කර ගනිමින් වැඩසටහන් රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මගපෙන්වීම යටතේ එම වැඩසටහන් සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.