Friday, March 29, 2024

General line - 0115112241

රාහුල් ගාන්ධිගෙන් අගමැති රනිල්ට ලිපියක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දියානු ජාතික කොංග්‍රස් මණ්ඩලයේ නායක රාහුල් ගාන්ධි මහතා යලිත් වරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කරමින් ලිපියක් එවා තිබෙනවා.

දේශපාලනික වශයෙන් ඇතිවූ ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සහ එහිදී පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීම සඳහා පැවති ජන්ද විමසිමා සහ පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව ගැනද මෙහිදී රාහුල් ගාන්ධි මහතා කරුණු දක්වා තිබෙනවා,

එමෙන්ම ශ්‍රී ලංකාව ස්ථාවර දේශපාලනික තත්ත්වයක පැවතීම සිය කැමැත්ත බවයි මෙහිදී වැඩිදුරටත් ඔහු සිය ලිපියෙන් සඳහන් කර ඇත්තේ.