Saturday, April 20, 2024

General line - 0115112241

මහනුවර ගින්න ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

ජී ඒ එල් ජයසිංහ




මහනුවර නගරයේ යටිනුවර වීදියේ මහල් වෙළඳ සංකීර්ණයක ඉකුත් දා ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොලීසියට දැනුම් දී තිබෙනවා. 

ඒ අනුව මහනුවර මූලස්ථාන පොලීසිය මගින් දැනට සිදු කර ඇති විමර්ශන අනුව වාර්තාවක් සකස් කර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ. හදිසියේ ඇතිවූ එම ගින්න සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා.