මහා භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200 ට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ජනවාරි මස 29 දා කැදවීමට කොළඹ මහාධිකරනය අද (11) නියෝග කළා. පුද්ගලික හේතුවක් මත මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි මහාධිකරණ විනිසුරු විකුම් කලූආරච්චි අද දැනුම් දුන්නේ.
භාණ්ඩාගාරයෙන් රාඩා ආයතනයට ලබා දුන් රුපියල් මිලියන 200 ට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 29 දා ට කල් තැබුණේ ඒ අනුවයි. එම නඩුව විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි ඉදිරියේ කැදවීමට නියමිතයි.
මෙම නඩුවේ චූදිතයෙකු ලෙසට නම් කොට ඇති හිටපු කොටි නායකයකු වන එමිල් කාන්තන් නැමැත්තා නොමැත්තා නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ මහාධිකරනය මීට පෙර දිනක අවසර ලබා දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස්, හිටපු කොටි නායකයකු වන එමිල් කාන්තන් රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි සාලිය වික්‍රමසූරිය සහ ජයන්ත ඩයස් ඇතුලූ විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. නීතිපතිවරයා විසින් පොදු දේපල පනත යටතේ විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබුණා.