Wednesday, April 24, 2024

General line - 0115112241

අලූත් ව්‍යවස්ථාව හෝ සංශෝධන නව පාර්ලිමේන්තුවක් යටතේ ගෙන එන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීමක්

මහේෂ් චතුරංග




නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුත්තේ නව පාර්ලිමේන්තුවක් පිහිටුවීමෙන් පසුව බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර මෙම අදහස් පළ කළා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජානක වක්කුඹුර කියා සිටියේ ජනතාවගේ අවධානය වෙනත් කරුණු වෙත යොමු කර ආණ්ඩුව සිය සැලසුම් කි‍්‍රයාත්මක කර ගැනීමේ උත්සහයක නිරත වන බවයි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් පළ කළා.