Friday, April 19, 2024

General line - 0115112241

ජනපති නව ආණ්ඩුකාරවරුන් හමුවෙයි




මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සියලූ නව ආණ්ඩුකාරවරුන් ඍජු මැදිහත්වීම් ලබා දෙමින් වගකීම් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ අද (11) පැවැති සාකච්ජාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ජනවාරි 21වනදා සිට 28වනදා දක්වා කි‍්‍රයාත්මක කිරීමට නියමිත මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය වෙනුවෙන් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.