Saturday, April 20, 2024

General line - 0115112241

ගින්නෙන් දිවි ගලවා ගත් මහනුවර පවුල ගැන ඇමති සජිත් නෙත් යොමයි

හේරත් ඒකනායක - මහනුවර




මහනුවර නගරයේ යටිනුවර වීදියේ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් දිවි බේරා ගත් පවුලට නිවසක් ලබා දීමට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අවධානය යොමු කර තිබෙනවා. ගින්න ඇතිවූ අවස්ථාවේදී අදාළ ගොඩනැගිල්ලෙන් පිටතට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි එම යුවළ සහ දරුවන් තිදෙනා රෝහලෙන් පිටව ගියේ ඊයේ (10) දිනයේදීයි. 

එහෙත් ඔවුන්ගේ නිවස  ගින්නෙන් විනාශ වීම හේතුවෙන් වෙනත් ස්ථානයක තාවකාලිකව නතර වීමට සිදුවුණා. එම පිරිසට නාගරික ජනාවාස ව්‍යාපෘතිය යටතේ නිවසක් ලබා දීමටයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස තීරණය කර ඇත්තේ. ඊට අවශ්‍ය කරුණු සොයා බැලීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් අද එම පවුලේ සාමාජිකයින් හමුවී තොරතුරු ලබා ගෙන තිබෙනවා.