Thursday, April 25, 2024

General line - 0115112241

ව්‍යවස්ථාව ගැන තීරණය ජනතාවට භාර කරන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ප‍්‍රකාශයක්

සමන්ත කුමාර




නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම රටේ ජනතාවට භාර කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව ව්‍යවස්ථාවක් සඳහා එක් එක් පක්ෂවල යෝජනා මහමැතිවරණයකදී ජනතාව වෙත ඉදිරිපත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ. 

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.