Thursday, March 28, 2024

General line - 0115112241

මුස්ලිම් යැයි තනතුරෙන් නෙරපිමට ගිය ජන්දයෙන් ජයගත් රිපබ්ලිකන් පාක්ෂිකයා

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ ටෙක්සාස්හි රිපබ්ලිකන් ප්‍රාන්ත නිලධාරියෙකු වශයෙන් සේවය කරනු ලබන මුස්ලිම් ජාතිකයෙකු ඔහු සේවය කරනු ලබන ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැත්වූ ජන්දයකින් ජය ගැනීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.

ටැරන්ට් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පක්ෂයේ උප සභාපති ලෙස පසුගිය වසරේදී තේරී පත්වූ ෂහිඩ් ෂාෆී එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට අදාළ ජන්ද විමසීම ඉකුත් බ්‍රහස්පතින්දා පැවති අතර එහිදී ජන්ද 139-49 ක් ලෙස ඉන් ජය ගැනීමට ඔහු සමත් විය.

රිපබ්ලිකන් ප්‍රාන්ත බලධාරීන් රැසක් ආචාර්ය ෂහිඩ් ෂාෆී අමෙරිකානු ජාතිකයින්ට සාපේක්ෂව මුස්ලිම් ජාතිකයින්ට පක්ෂපාති බවට චෝදනා කරමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබු බවයි BBC පුවත් සේවය වාර්තා කර සිටියේ.

" මෙම ශ්‍රේෂ්ඨ රටට ආගන්තුකයෙක් වශයෙන් පැමිණි තමන් හට රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරනු ලබන බහුතරයකගේ සහය ලබා ගැනීමට හැකිවීම තමන් ලැබූ ගෞරවයක් හා වරප්‍රසාධයක්" යැයි ජන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ආචාර්ය ෂහිඩ් ෂාෆී කියා සිටියා.

ආචාර්ය ෂහිඩ් ෂාෆී මුස්ලිම් භක්තිකයෙක් බැවින් ඔහු මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වලට සහය දක්වන අයෙක් බවට ඇතැම් රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයින් චෝදනා කර තිබුනා.

මිට වසර 30 කට පෙර ඉන්දියාවේ සිට අමෙරිකාවට සංක්‍රමණය වූ ආචාර්ය ෂහිඩ් ෂාෆී වෘත්තිමය වශයෙන් ශල්‍ය වෛදයරයෙක් වන අතර 2009 වසරේදී ඔහුට අමෙරිකානු පුරවැසිභාවය ලැබි තිබෙනවා.