Friday, April 26, 2024

General line - 0115112241

ගාල්ලේ පාලම් ව්‍යාපෘති රැසක් ඇමති වජිරගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට




රුපියල් ලක්‍ෂ හාර දහසක වියදමකින් ගාල්ල දිස්ති‍්‍රක්කයේ කි‍්‍රයාත්මක පාලම් ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම සහ තවත් ව්‍යාපෘති ගණනාවකට මුල්ගල තැබීම අද සහ හෙට දිනවල සිදු කෙරෙනවා.

ඒ, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන්.

ඒ අනුව බෙන්තර - ඇල්පිටිය ප‍්‍රදේශයේ නවයේ කණුව, ඉහළ පාලම ජනතා අයිතියට පත් කිරීම අද පෙරවරුවේ සිදු කිරීමට නියමිතයි. බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ගොළුවමුල්ල ගනේගොඩ පාලම සහ ඉහල  ඕමන්ත පාලමට මුල්ගල තැබීමද අද සිදුකෙරෙන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ කිඹුලාවල පාලම සහ මානන්හේන පාලම ජනතා අයිතියට පත් කිරීම සහ එම කොට්ඨාසයේ තවත් පාලම් කිහිපයකට මුල්ගල තැබීමද අමාත්‍ය වජිර අබේවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් අද දිනයේ සිදු කිරීමට නියමිතයි.