Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් පාළක මණ්ඩලය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල ක්‍රිඩකයින් දෙදෙනාට තරග තහනමක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රිඩකයින් දෙදෙනෙක් වන KL රාහුල් සහ හර්දික් පාන්ඩ්යා යලි සිය රට කැදවිමට ඉන්දියානු ක්‍රිකට් පාළක මණ්ඩලය ඊයේ (11) පියවර ගෙන තිබෙනවා. 

ඊට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ක්‍රිඩකයින් දෙදෙනාට තරග තහනමක්ද පනවා ඇත.

ඒ අනුව මෙම ක්‍රිඩකයින් දෙදෙනා ඉදිරි ඕස්ට්‍රේලියානු තරග සංචාරයෙන් සහ නවසීලන්ත තරග සංචාරයෙන්ද ඉවත් කිරිමටයි ඉන්දිය ක්‍රිකට් බළධාරින් පියවර ගෙන ඇත්තේ.

ඉන්දියාවේ ප්‍රචලිත රූපවාහිනි වැඩසටහනකට සහභාගිවු මෙම ක්‍රිඩකයින් දෙදෙනා එහිදි ඉන්දිය ක්‍රිකට් පාළක මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙයට හේතුවි ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ එක්දින තරගාවලිය ආරම්භ විමට පැය කිහිපයක් තිබියදි ඉන්දියානු ක්‍රිකට් පාළක මණ්ඩලය මෙම තිරණය ගැනිම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිඩා විචාරකයින්ගේ දැඩි අවධානය යොමුවි තිබෙනවා.
 
KL රාහුල් සහ හර්දික් පාන්ඩ්යා හට සිය නිදහසට කරුණු දැක්විමට දින 07 ක කාලයක් ලබා දිමට එරට ක්‍රිකට් පාළක මණ්ඩලය තිරණය කර ඇත්තේ.