Thursday, April 25, 2024

General line - 0115112241

‘‘ඔරුමිත්ත නාඩු’’ ගැන එජාප පසුපෙළට ගැටළුවක් - රටට අහිතකර ව්‍යවස්ථාවකට සහය නොදෙන බවත් කියයි

සමන්ත කුමාර




ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කෙරුනුු වාර්තාවල රට බෙදන ආකාරයේ කරුනු ඇතුළත් නොවුනද එහි ඇතැම් කරුනු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි පවසනවා. එහි පළමු වගන්තියේ ඇතුළත් ඒකීය රාජ්‍යයක් හෙවත් ඔරුමිත්තනාඩු යන වචනය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියාසිිටියා.

 

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වුවද අහිතකර කරුණු ඇතුළත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඊට එරෙහි වන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි වැඩිදුරටත් සදහන් කළා.