Friday, March 29, 2024

General line - 0115112241

යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව විශ්ව විද්‍යාල ආචාර්යවරු පෙරමුණට




නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාවලියේ මූලික අරමුණ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර විධායක බලය සහිත මහඇමතිවරුන් නව දෙනෙකු නිර්මාණය කිරීම බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ එය රට මුළුමනින්ම අස්ථාවර කරන යෝජනාවලියක් බවයි.



වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරුන්ට හිිමි බලතල අහෝසි කර එය ප‍්‍රධාන අමාත්‍යවරුන් වෙත පැවරීමට කර ඇති යෝජනාව ඊට හේතුවක් වන බවයි මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දුන්නේ.



ශී‍්‍ර ලංකා ජාතික පොලීසිය සහ ශී‍්‍ර ලංකා පළාත්බද පොලීසිය යනුවෙන් පොලීසිය කොටස් දෙකකින් සමන්විය යුතු බවට වන  යෝජනාවක්ද ඊයේ ඉදිරිපත් කෙරුණු යෝජනාවලියේ ඇතුළත්. ඒ සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන අදහස් පළ කළා.