Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශයේ පැරිස් අගනුවර පිපිරීමක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගෑස් නලයක සිදුවූ කාන්දුවක් මෙම පිපිරිමට හේතුවන්නට ඇති බවයි ප්‍රංශ ආරක්ෂක අංශ සැකපළ කරන්නේ.

බේකරියක් ආසන්නයේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 20 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. පිපිරීමෙන් අසල පිහිටි ගොඩනැගිලි සහ මෝටර් රථ රැසකට දැඩි අලාභ හානි සිදුව ඇත.

මේ අතර පිපිරිම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහල මාලයේ රැඳී සිටි පුද්ගලයින් රැසක් බේරා ගැනීම සඳහා ගිනි නිවීමේ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මැදිහත්ව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.